මට ඕනේ අතීතයට යන්න. මගේම කියලා පුංචි කාලයාත්‍රවක නැගලා කාලය සහ අවකාශය හරහා අතීතයට යන්න. ලොකු කාලයක් නෙමේ. අවුරුදු 20ක් විතර අතීතයට.... වෙන කාගෙවත් නෙමේ මගේම අතීතයට යන්න. ඉස්සර මායි මල්ලිලා දෙන්නයි නිදා ගත්තේ එකම කාමරේ.... මම එක ඇඳක. මල්ලිලා අනික් ඇඳේ. නිදාගන්න ගියේ එක වගේ පිජාමා තුනක් ඇඳන් එකම වෙලාවට. කෑවේ එකම වෙලාවට පාඩම් කලේ එක ළඟ තිබුණු මේස තුනක. ඉස්කෝලේ ගියේ එකම ඉස්කූල් වෑන් එකේ එකට. ආවේ එකට. හැමදේම කලේ එකට. සෙල්ලම් කලේ එකට. අම්මගෙන් බැනුම් ඇහුවේ එකට.හැමදේම එකට. පොඩි කාලේ මට විතරයි බයිසිකලයක් තිබුනේ. ඕකෙන් ඉතින් කොච්චරවත් බිම වැටෙනවා. බිම වැටිලා මගේ දනිස් දෙකම ලෙලි ගිහිල්ලා තිබුණේ. ඒ තුවාල අවුරුදු දෙකක් විතරම හොඳ වෙන්නේ නැතුව තිබුනා. ඒකට බෙහෙත් දාන්න ගියාම ඩොකා අහනවනේ කොහොමද තුවාල වුණේ කියලා. ඉතින් අම්මා කියනවා බයිසිකලෙන් වැටිලා කියලා. ඊළඟට ඇතුලට එන්නේ මල්ලිලා දෙන්නා උන් දෙන්නගේ කකුල් වලත් ඊටත් හපන් තුවාල. ඩොකා ආයෙත් අහනවා "මේ මොනව කරගෙනද? බයිසිකලෙන් වැටිලද?" "නෑ ඩොක්ට බයිසිකලය පස්සේ දුවලා " අම්මා උත්තර දෙනවා. මල්ලිලාට ඒ වෙද්දි බයිසිකල් පදින්න බැරි වුණත් මං...