Skip to main content

Posts

සත් වන වියමන | මකරට ගිය රට

ඕන්න එකෝමත් එක කාලයක එක්තරා දේශයක වුන කතාවක් තමා මේ කියන්න යන්නේ. මේ එක්තරා දේශය ඒ කාලෙ ලෝකේ සමෘදිමත්ම රාජධානියක් විදිහට තමයි හැමෝගේම පිළිගැනීම. ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමියක් විදියටයි ලෝකයේ හතර දිග්බාගයේම මේ එක්තරා දේශය ප්‍රසිද්ධ. එක්තරා දේශයේ වැසියන්ට කිසිම දෙයකින් අඩුපාඩුවක් තිබුණේ නෑ. රට වටේම මහ මුහුද. අවුරුද්ද පුරාම සෞම්‍ය හිරු කිරණ. කලට වැසි. දණ්ඩක්, ඇටයක් බිමට නිකන් විසි කලත් පැලවෙන තරම් සාරවත් පොළව. ආයෙත් මොන අඩුපාඩුද? මේ එක්තරා දේශයේ වැසියොත් බොහෝම සාමකාමි දැහැමි පිරිසක් ඒ නිසා ඔවුන් අතර යුද්ධ කළකෝලහල එහෙම නෑ. හරිම සාමයෙන් සාමදානයෙන් තමයි මින්ස්සු ජීවත් වුණේ.  හැබැයි මේ එක්තරා දේශයේ වැසියන්ට පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි අවුරුදු ගාණකට සැරයක් එන මකර උවදුර.ඒ කියන්නේ අවුරුදු ගාණකට සැරයක් මේ එක්තරා දේශයට දැවැන්ත ගිනි පිඹින මකරෙක් පියඹාගෙන එනවා. ඒ එන්නේ දේශයට උතුරෙන් තියෙන මහා විශාල කෑලෑවෙන්. මේ කැලෑව කිසිම මනුෂ්‍ය වාසයක් නැති රුදුරු සත්තුන්ගෙන් පිරිච්ච කැලයක් විදිහටයි මිනිස්සූ විශ්වාස කලේ. ඒ නිසා පණට ආදරේ කිසි කෙනෙක් ඔය කැලෑවට යන්නේ නෑ. ඔන්න ඉතින් ඔය කැලෑවෙන් අවුරුදු ග
Recent posts

සය වන වියමන | කාල තරණය

  මට ඕනේ අතීතයට යන්න. මගේම කියලා පුංචි කාලයාත්‍රවක නැගලා කාලය සහ අවකාශය හරහා අතීතයට යන්න. ලොකු කාලයක් නෙමේ. අවුරුදු 20ක් විතර අතීතයට.... වෙන කාගෙවත් නෙමේ මගේම අතීතයට යන්න. ඉස්සර මායි මල්ලිලා දෙන්නයි නිදා ගත්තේ එකම කාමරේ.... මම එක ඇඳක. මල්ලිලා අනික් ඇඳේ. නිදාගන්න ගියේ එක වගේ පිජාමා තුනක් ඇඳන් එකම වෙලාවට. කෑවේ එකම වෙලාවට පාඩම් කලේ එක ළඟ තිබුණු මේස තුනක. ඉස්කෝලේ ගියේ එකම ඉස්කූල් වෑන් එකේ එකට. ආවේ එකට. හැමදේම කලේ එකට. සෙල්ලම් කලේ එකට. අම්මගෙන් බැනුම් ඇහුවේ එකට.හැමදේම එකට.  පොඩි කාලේ මට විතරයි බයිසිකලයක් තිබුනේ. ඕකෙන් ඉතින් කොච්චරවත් බිම වැටෙනවා. බිම වැටිලා මගේ දනිස් දෙකම ලෙලි ගිහිල්ලා තිබුණේ. ඒ තුවාල අවුරුදු දෙකක් විතරම හොඳ වෙන්නේ නැතුව තිබුනා. ඒකට බෙහෙත් දාන්න ගියාම ඩොකා අහනවනේ කොහොමද තුවාල වුණේ කියලා. ඉතින් අම්මා කියනවා බයිසිකලෙන් වැටිලා කියලා. ඊළඟට ඇතුලට එන්නේ මල්ලිලා දෙන්නා උන් දෙන්නගේ කකුල් වලත් ඊටත් හපන් තුවාල. ඩොකා ආයෙත් අහනවා  "මේ මොනව කරගෙනද? බයිසිකලෙන් වැටිලද?"  "නෑ ඩොක්ට බයිසිකලය පස්සේ දුවලා " අම්මා උත්තර දෙනවා. මල්ලිලාට ඒ වෙද්දි බයිසිකල් පදින්න බැරි වුණත් මං

පස් වන වියමන | මාස්ටර් සර්

"මල්ලිද මේක කරන්නේ... මං කියෙව්වා මේක... වයිෆ් ගෙනල්ලා දුන්නේ"  මධුරප්පෙරුම ආරච්චිලගේ සුනිල් මධුරප්පෙරුම එහෙම නැත්තන් හැමෝම දන්න විදිහට හතරේ කණුවේ ඔස්ටින් සිය ගැඹුරු කටහඬ අවදි කළේ සිය අතේ තිබුණු සඟරාව නැවත ටීපෝව උඩට විසි කරමිනි.. " මල්ලි මේ හිත කියන්නෙත් මහ පුදුම දෙයක් නේද?.... මේක ඇතුලෙනේ මේ ඔක්කොම දේවල් තියෙන්නේ. මං මේ අපේ උන්ටත් කිව්වා හොයාගෙන කියවන්න කියලා..  මුං කොහෙද?...." ජෙහාන් මඳ සිනාවක් පෑවා පමණි. ඇතින් මේ දෙස බලාගෙන සිටි සිය සගයා ප්‍රියන්ත මහඋල්පොතගමට ට අතින් සංඥාවක් පෑවේය. ඒ තේ පිළිගැන්වීම සඳහායි. ප්‍රියන්ත තේ බන්දේසිය ගෙන ඔස්ටින් ඉදිරියට පැමිණියා.ඔලුව උස්සා ප්‍රියන්තගේ හිසේ සිට පාදන්තය දෙස උකුසු බැල්මක් හෙළු ඔස්ටින්... "උඹ මාව අඳුරනවාද? " "නෑ සර්.." ප්‍රියන්තගේ බයාදු හඬ මුමුණයි. "එහෙනම් ඇයි මට සර් කිව්වේ..? " ප්‍රියන්ත ජෙහාන්ගේ මුහුණ දිහා බැලුවේය. ජෙහාන්ද නිරුත්තරය. "උඹ දකින දකින හැම එකාටම සර් කියනවාද? "  ඔස්ටින් ගුගුරයි. ප්‍රියන්ත බිම බලාගත්තේය. ඇත්තටම අපි දකින දකින හැම කෙනාටම සර් එහෙම නැත්තන් මැඩම් කියන්න ඕනේද.

සිව් වන වියමන| කාන්තාරයේ වෘකයා - එක

පුර්විකාව පොත් කියවිල්ලයි.තරු බැලිල්ලයි හැරුනම මම ආසම විනෝදාංශය තමයි ෆිලිම් බැලිල්ල.ෆිල්ම් එකක් මම බලන්න ගන්නේ හොඳට හිතල බලල. internet එකේ review ටිකක් කියවලා. imdb rank එක එහෙම බලලා, synopsis එක කියවලා එහෙම තමයි මම ෆිල්ම් එකක් බලන්නේ. මොකද වැඩක් නැති ෆිල්ම් එකකට යොදවන කාලය අපරදේනේ. ඊට වඩා හොඳයි ඒ වෙලාවේ පොතක් කියවගන්න එක. ඉතින් එහෙම හොඳ ෆිල්ම් එකක් හොයන කොට තමා මට හම්බ උනේ " Valkyrie" කියන ෆිල්ම් එක. මම ආසම නළුවන්ගෙන් එක්කෙනෙක් වන ටොම් කෲස් තම ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. මේ ෆිල්ම් එක කොච්චර ලස්සනද කියනවනම් මම ෆිල්ම් එක විසි තිස් වතාවක්වත් බලන්න ඇති. එතනින් නවතින්නේ නැතුව මට හිතුණා ෆිල්ම් එක සිංහලින් අයෙමත් ලියන්න.ලිව්වට කියවන්න කෙනෙක් නෑනේ. ඒක හින්දා මම හිතුවා අද ඉඳන් කොටස් වශයෙන් ඒක මේ බ්ලොග් එකේ දාන්න. ඇත්තටම මේක කොහෙවත් දාන හිතාගෙන ලියපු එකක් නෙමේ. මගේ තියෙන කැහිල්ලට ලියපු එකක්.ලියපු එකේ අපරාදෙනේ මම විතරක් කියවන්නේ. ඔගෝලොත් අද ඉඳන් මාත් එක්ක කියවන්නකෝ. ෆිල්ම් එක ගැන කියනවනම් මේක 2008 නිකුත් වුණේ.imdb අගය 7.1 ක්.ටොම් කෲස් මෙහි ප්‍රධාන චරිතය වන කර්නල් වොන් ස්ටෆන්බර්ග්ට රඟපාන

තෙවන වියමන | සචිත්ත පරියොදපනං.

මේක සෙන් කතාවක් මට මතක විදිහට. ඕන්න එක ගමක පන්සලක වැඩ හිටියලු. ලොකු හාමුදුරු නමකුයි උන්නාන්සේගේ තරුණ ගෝල නමයි. ලොකු ස්වාමීන් වහන්සේ බොහෝම සීලවන්ත සමහර විට මගඵල ලාභී ස්වාමින්වහන්සේ කෙනෙක් විදිහට තමයි හැමතැනම ප්‍රසිද්ධ. හරි ගුණ ගරුකයි. බණ කියන්නත් රුසියා. හතර වටින් ආධාරනා ලැබෙනවා බණ ගෙවල් වලට. බණ කියනවා කියන්නේ මේ කලේ සංඝ ස්ටාර් ලා කියන කුණුහරුප බණ නෙමේ. හොඳ ධර්ම කරුණු පහදලා දෙන බණ. ඔන්න ඔහොම ඉන්නකොට එක දවසක් පන්සලට ආරාධනාවක් ලැබෙනව බණකට වඩින්න.හැබැයි ටිකක් දුර ගමකට තමා වඩින්න වෙන්නේ. ලොකු හාමුදුරුවෝ හිතුවා පොඩි තැන පන්සලේ තියල යනවට වඩා එක්කන් ගියොත් හොඳයි කියලා. මොකද උන්නාන්සේත් බණ කියන හැටි එහෙම ඉගෙන ගන්න එපැයි. තමන් වහන්සේත් කියලා තව කොච්චර කාලයක් ඉන්නද.අනික් එක තමන් ඉගෙන ගත්ත ධර්ම කරුණු ඒවා නොදන්න අයට කියල දෙන එක සුළුපටු පුණ්‍යකර්මයක්ද. ඉතින් නියමිත දවසේ උදේන්ම නැගිටලා ලොකු හාමුදුරුවෝ ගෝල නමත් ලෑස්ති කරගෙන ගමන යන්න පිටත් වුණා. ඒ කාලේ දැන් කලේ වගේ වාහන එහෙමත් නෑනේ. පයින්ම තමා වඩින්න වෙන්නේ.කැලෑ මැදින්, ගංගා තරණය කරගෙන මග හම්බ වෙන ගම් වලින් දානය අරගෙන බොහේම දුෂ්කර ගමනක් තමා යන්න වෙන්නේ

දෙවන වියමන | තෙපිටයි ඒ ශාපේ... පව්කාරයිනි !

ප්‍රදීපා ධර්මදාස සහ දීපිකා ප්‍රියදර්ශනී ගායන කරන "සොයා දියව් මට සරණක්" ගීතය මෑත කලයේදී වඩාත් ජනප්‍රිය වුනේ එක්තරා රියලටි තරඟයකදී ආධිත්‍යා වැලිවත්ත විසින් ගායනා කිරීමත් සමඟයි. මම මේ කියන්න යන්නේ ආධිත්‍යා ගැනවත් රියලටි තරඟ ගැනවත් එහෙම නැත්තන් මේ ගීතය ගැනවත් නෙමේ.ඒවා ගැන පස්සේ කතා කරමු. මම හිතන්නේ හැමෝම දන්නව ඇති ආචාර්ය සුනිල් අරියරත්න මහත්තයා මේ ගීතය ලියන්න පාදක කරගෙන තියෙන්නේ 88, 89 කාලයේ මේ සකල පිරින් පිරි සිරි ලංකාවේ සිදුවුණු හැබැයි මේ ලෝකයේ කවදාවත් සිදු නොවිය යුතු සිද්ධි සමුදායක් පාදක කරගෙන කියලා. ඒ ගැනත් මම පස්සේ දවසක ලියන්නම්.මේ ගීතය මගේ ජීවිතයට සමීප වෙන්නේ මට පෞද්ගලිකව සිදුවුණ සිදුවීමක් නිසයි. ආධිත්‍යා මේ ගීතය කියනකොට මගේ හිත මීට වසර ගණනාවක් ඈතට ගියා. සමහර ගීත තියනව ඒ ගීත මතක් වෙද්දී අපිට පෞද්ගලික අතීත සිදුවීමක් මතක් කරන. සමහර විට ඒ සිදුවීම ගීතයේ තේරුමට ලොකු සම්බන්ධයක් නැති වෙන්න පුළුවන්.මම ඒ කතාව නම් ගම් නැතුව කියන්නම්. මීට වසර කීපයකට පෙර මම සේවය කළේ කොළඹින් ඉතා දුර දුශ්කර පලාතක.ප්‍රධාන නගරයකට එන්න නම් හැතැප්ම 10 කටත් වඩා යන්න තියනවා. ඒකත් දවස් දෙකකට සැරයක් තියෙන බස් එක

පළමු වියමන | හිතළු

"හිතළු"    ඒක තමයි මම මුලින්ම මේ බ්ලොග් එකට දාන්න ගිය නම.මට ඕන වුණා මට හිතෙන දේවල් එහෙම නැත්තන් මගේ හිතළු කාට හරි කියන්න. අඩුම තරමේ ලියලාවත් තියන්න...ඒක හින්දා තමයි මම මේ බ්ලොග් එකට හිතළු කියලා නම දාන්න හිතුවේ.  ඒ උනාට පස්සේ හිතුනා හිතළු කියනකොට ඒකේ එක විදිහක අවුල් වෙච්ච ගතියක් තියනවා කියලා... හරියට නිකන් මනස්ගාත වගේ.  සමහර අයට මම කියන ඒවා මනස්ගාත වගේ පේනවා වෙන්නත් ඇති. ඒකට මම මොනව කරන්නද හැමෝටම එකම විදිහට හිතෙන්නේ නැහැනෙ.අනික වෙන අය හිතන ඒවා මට වෙනස් කරන්නත් බෑනේ.(ඕනෙත් නෑනේ). මට ඕන උනේ මට හිතෙන දේවල් කොහේ හරි ලියන්න. ඒ ලියන ඒවයින් වියමනක් හදන්න...කාටවත් යන්න බැරි.. අල්ලන්න බැරි තැනක... අකාසයෙ... හරියට තරු වගේ. ඉතින් ඒක නිසා මම මේ බ්ලොග් එක තරු වියමන කියල බෞතිස්ම කලා.  කෙනෙක්ට කියන්න පුළුවන්... " ඉතින් ඔය හිතෙන දේවල් diary එකක ලිව්ව නම් මොකද වෙන්නේ " කියලා. එක . මට ඇත්තටම ලියන්න පුදුම කම්මැලියි. කොටින්ම කියනවනම් මගේ බොසා මොනවහරි ලියාගන්න කියුවමත් මම කරන්නේ ලැප් එකේ word document එක් open කරගෙන type කරන්න පටන් ගන්න එක. ඒ තරමට ලියන එක වස කම්මැලියි. දෙක . මට හිතෙන දේ