පුර්විකාව පොත් කියවිල්ලයි.තරු බැලිල්ලයි හැරුනම මම ආසම විනෝදාංශය තමයි ෆිලිම් බැලිල්ල.ෆිල්ම් එකක් මම බලන්න ගන්නේ හොඳට හිතල බලල. internet එකේ review ටිකක් කියවලා. imdb rank එක එහෙම බලලා, synopsis එක කියවලා එහෙම තමයි මම ෆිල්ම් එකක් බලන්නේ. මොකද වැඩක් නැති ෆිල්ම් එකකට යොදවන කාලය අපරදේනේ. ඊට වඩා හොඳයි ඒ වෙලාවේ පොතක් කියවගන්න එක. ඉතින් එහෙම හොඳ ෆිල්ම් එකක් හොයන කොට තමා මට හම්බ උනේ " Valkyrie" කියන ෆිල්ම් එක. මම ආසම නළුවන්ගෙන් එක්කෙනෙක් වන ටොම් කෲස් තම ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. මේ ෆිල්ම් එක කොච්චර ලස්සනද කියනවනම් මම ෆිල්ම් එක විසි තිස් වතාවක්වත් බලන්න ඇති. එතනින් නවතින්නේ නැතුව මට හිතුණා ෆිල්ම් එක සිංහලින් අයෙමත් ලියන්න.ලිව්වට කියවන්න කෙනෙක් නෑනේ. ඒක හින්දා මම හිතුවා අද ඉඳන් කොටස් වශයෙන් ඒක මේ බ්ලොග් එකේ දාන්න. ඇත්තටම මේක කොහෙවත් දාන හිතාගෙන ලියපු එකක් නෙමේ. මගේ තියෙන කැහිල්ලට ලියපු එකක්.ලියපු එකේ අපරාදෙනේ මම විතරක් කියවන්නේ. ඔගෝලොත් අද ඉඳන් මාත් එක්ක කියවන්නකෝ. ෆිල්ම් එක ගැන කියනවනම් මේක 2008 නිකුත් වුණේ.imdb අගය 7.1 ක්.ටොම් කෲස් මෙහි ප්‍රධාන චරිතය වන කර්නල් වොන් ස්ටෆන්බර්ග්ට රඟපාන...