ඒ උනාට පස්සේ හිතුනා හිතළු කියනකොට ඒකේ එක විදිහක අවුල් වෙච්ච ගතියක් තියනවා කියලා... හරියට නිකන් මනස්ගාත වගේ.
සමහර අයට මම කියන ඒවා මනස්ගාත වගේ පේනවා වෙන්නත් ඇති. ඒකට මම මොනව කරන්නද හැමෝටම එකම විදිහට හිතෙන්නේ නැහැනෙ.අනික වෙන අය හිතන ඒවා මට වෙනස් කරන්නත් බෑනේ.(ඕනෙත් නෑනේ). මට ඕන උනේ මට හිතෙන දේවල් කොහේ හරි ලියන්න. ඒ ලියන ඒවයින් වියමනක් හදන්න...කාටවත් යන්න බැරි.. අල්ලන්න බැරි තැනක... අකාසයෙ... හරියට තරු වගේ. ඉතින් ඒක නිසා මම මේ බ්ලොග් එක තරු වියමන කියල බෞතිස්ම කලා.
කෙනෙක්ට කියන්න පුළුවන්... " ඉතින් ඔය හිතෙන දේවල් diary එකක ලිව්ව නම් මොකද වෙන්නේ " කියලා.
එක. මට ඇත්තටම ලියන්න පුදුම කම්මැලියි. කොටින්ම කියනවනම් මගේ බොසා මොනවහරි ලියාගන්න කියුවමත් මම කරන්නේ ලැප් එකේ word document එක් open කරගෙන type කරන්න පටන් ගන්න එක. ඒ තරමට ලියන එක වස කම්මැලියි.
දෙක. මට හිතෙන දේ diary එකක ලියුවම කවුද ඕක කියවන්නේ. මට හිතුණා... මට හිතෙන දේවල් අනිත් අයටත් දැනගන්න තිබුනොත් හොඳයි කියලා. කවුරු හරි පොඩි දෙයක් හරි දැන ගනියි නේ.
ඕන්න ඔය කාරණ දෙක හින්දා තමයි මට හිතෙන දේවල් මේ බ්ලොග් එකක ලියලා පළ කරන්න හිතුවේ.
ඉතින් ඉස්සරහට මම මේ ලෝකය ගැන දකින විදිය මේ බ්ලොග් පිටු හරහා ඕගොල්ලොන්ට ඉදිරිපත් කරන්නම්. ඔගොල්ලෝ ඒ ගැන හිතෙන දේත් comment විදිහට දාන්න. සමහර විට මම කියන දේ ඔගොල්ලොන්ටත් ඔගොල්ලෝ කියන දේ මටත් දිරවන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට කමක් නෑ. දිරවන පොඩි දේ හරි දිරව ගමුකෝ නෙහ්.
එහෙනම් වැඩි විස්තර නැතුව මගේ පළමු වියමන මම මේ විදියට ඉවර කරන්නම්. මේක මම කියපු දෙයක් නෙමේ. කවුද කිව්වේ කියලත් මතක නැහැ. හැබැයි කියපු දේ වටිනවා. (ඇත්තටම මම අහල තියන ගොඩක් කතා කවුද කිව්වේ කියල මතක නෑ. අදහස විතරයි මතක. මේ කතාව කවුද කිව්වේ කියලා ඕගොල්ලෝ දන්නවනම් comment කරගෙන යන්නකෝ.)
"මම ඔබේ මතයට මගේ මරණය දක්වාම එකඟ නොවේවි. හැබැයි ඒ මතය දරන්න ඔබට ඇති අයිතියට මම මැරෙන තුරාම ගෞරව කරමි"
මම කේෂව අනුරාධ.
ප.ලි. : මට සිංහල ගොඩක් හොඳට පුළුවන් කෙනෙක් නෙමේ. මට පුළුවන් විදිහට ලියන්නම්. වැරදි තැන් තියනවනම් කියන්නකෝ හදාගන්න.
Comments
Post a Comment