ඕන්න එකෝමත් එක කාලයක එක්තරා දේශයක වුන කතාවක් තමා මේ කියන්න යන්නේ. මේ එක්තරා දේශය ඒ කාලෙ ලෝකේ සමෘදිමත්ම රාජධානියක් විදිහට තමයි හැමෝගේම පිළිගැනීම. ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමියක් විදියටයි ලෝකයේ හතර දිග්බාගයේම මේ එක්තරා දේශය ප්‍රසිද්ධ. එක්තරා දේශයේ වැසියන්ට කිසිම දෙයකින් අඩුපාඩුවක් තිබුණේ නෑ. රට වටේම මහ මුහුද. අවුරුද්ද පුරාම සෞම්‍ය හිරු කිරණ. කලට වැසි. දණ්ඩක්, ඇටයක් බිමට නිකන් විසි කලත් පැලවෙන තරම් සාරවත් පොළව. ආයෙත් මොන අඩුපාඩුද? මේ එක්තරා දේශයේ වැසියොත් බොහෝම සාමකාමි දැහැමි පිරිසක් ඒ නිසා ඔවුන් අතර යුද්ධ කළකෝලහල එහෙම නෑ. හරිම සාමයෙන් සාමදානයෙන් තමයි මින්ස්සු ජීවත් වුණේ. හැබැයි මේ එක්තරා දේශයේ වැසියන්ට පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි අවුරුදු ගාණකට සැරයක් එන මකර උවදුර.ඒ කියන්නේ අවුරුදු ගාණකට සැරයක් මේ එක්තරා දේශයට දැවැන්ත ගිනි පිඹින මකරෙක් පියඹාගෙන එනවා. ඒ එන්නේ දේශයට උතුරෙන් තියෙන මහා විශාල කෑලෑවෙන්. මේ කැලෑව කිසිම මනුෂ්‍ය වාසයක් නැති රුදුරු සත්තුන්ගෙන් පිරිච්ච කැලයක් විදිහටයි මිනිස්සූ විශ්වාස කලේ. ඒ නිසා පණට ආදරේ කිසි කෙනෙක් ඔය කැලෑවට යන්නේ නෑ. ඔන්න ඉතින් ඔය කැලෑවෙන් අවුරුදු ග
මට ඕනේ අතීතයට යන්න. මගේම කියලා පුංචි කාලයාත්‍රවක නැගලා කාලය සහ අවකාශය හරහා අතීතයට යන්න. ලොකු කාලයක් නෙමේ. අවුරුදු 20ක් විතර අතීතයට.... වෙන කාගෙවත් නෙමේ මගේම අතීතයට යන්න. ඉස්සර මායි මල්ලිලා දෙන්නයි නිදා ගත්තේ එකම කාමරේ.... මම එක ඇඳක. මල්ලිලා අනික් ඇඳේ. නිදාගන්න ගියේ එක වගේ පිජාමා තුනක් ඇඳන් එකම වෙලාවට. කෑවේ එකම වෙලාවට පාඩම් කලේ එක ළඟ තිබුණු මේස තුනක. ඉස්කෝලේ ගියේ එකම ඉස්කූල් වෑන් එකේ එකට. ආවේ එකට. හැමදේම කලේ එකට. සෙල්ලම් කලේ එකට. අම්මගෙන් බැනුම් ඇහුවේ එකට.හැමදේම එකට. පොඩි කාලේ මට විතරයි බයිසිකලයක් තිබුනේ. ඕකෙන් ඉතින් කොච්චරවත් බිම වැටෙනවා. බිම වැටිලා මගේ දනිස් දෙකම ලෙලි ගිහිල්ලා තිබුණේ. ඒ තුවාල අවුරුදු දෙකක් විතරම හොඳ වෙන්නේ නැතුව තිබුනා. ඒකට බෙහෙත් දාන්න ගියාම ඩොකා අහනවනේ කොහොමද තුවාල වුණේ කියලා. ඉතින් අම්මා කියනවා බයිසිකලෙන් වැටිලා කියලා. ඊළඟට ඇතුලට එන්නේ මල්ලිලා දෙන්නා උන් දෙන්නගේ කකුල් වලත් ඊටත් හපන් තුවාල. ඩොකා ආයෙත් අහනවා "මේ මොනව කරගෙනද? බයිසිකලෙන් වැටිලද?" "නෑ ඩොක්ට බයිසිකලය පස්සේ දුවලා " අම්මා උත්තර දෙනවා. මල්ලිලාට ඒ වෙද්දි බයිසිකල් පදින්න බැරි වුණත් මං